දේශීය

ලන්ඩන් බලා යෑමට සිටි ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් වෙතින් දැනුම්දීමක්

(UTV | කොළඹ) – ලබන අඟහරුවාදා සිට ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට ඇතුලු වන රටවලට අදාල රතු ලැයිස්තුවට ඇතුලත් කිරීමත් සමග ගුවන් ගමන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැහැදිලි කිරීමක් කර ඇත.  

ජුනි 05, 06, 07 යන දිනවල යූ එල් 503 අංකය යටතේ ලන්ඩන් දක්වා ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තුන සඳහා දැනටමත් ගුවන් ගමන් වෙන් කරවා ඇති මගීන්ට මෙම සීමා බලනොපාන බව ඔවුන් සඳහන් කළේය.

කෙසේවෙතත් ජුනි මස 08 වනදා සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් / අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට පමණක් අවසර හිමිවනු ඇති.

ගමන් කිරීමට අවසර හිමි වන මගීන් අනිවාර්යයෙන්ම ගුවන් ගමනට දින තුනකට පෙර PCR පරීක්‍ෂණයක් කර එහි සෘණාත්මක ප්‍රතිඵලයක් ලබා ගත යුතුයි.

ගමන් කිරීමට අවසර හිමි වන මගීන් අනිවාර්යයෙන්ම ,

ඔවුන්ගේ ගමනට දින තුනකට පෙර (පැය 72) කොවිඩ් -19 පරීක්‍ෂණයක් කර එහි negative ප්‍රතිඵලයක් ලබා ගත යුතුය.

පැමිණීමට පෙර දින 14 ක කාලයක් තුළ නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කරවා ගත යුතුය.අදාල වෙන්කිරීම් සඳහා හෝටල්, නිරෝධායන ප්‍රවාහනය සහ නිරෝධායනයේ2 වන සහ 8 වන දින වල සිදුකරනCOVID-19 පරීක්ෂණ ඇතුළත් වේ.

මගීන් පැමිණෙන විට නිරෝධායනය කරන්නේ කොතැනද යන්න පිළිබඳ විස්තර සහිතව මගී පෝරමයක් (PLF) සම්පූර්ණ කළ යුතුය.මගීන් තම මගී ස්ථානගත කිරීමේ පෝරමය සම්පූර්ණ කිරීම සඳහා නිරෝධායන පැකේජ ඉන්වොයිස් අංකයක් ලබා දිය යුතුය.

මගීන් ඔවුන්ගේ නිරෝධායන හෝටලය සහ දින 2 සහ 8 දින සිදුකරන පරීක්ෂණ මෙමගින් වෙන්කරවා ගත යුතුය.

https://www.gov.uk/guidance/booking-and-staying-in-a-quarantine-hotel-when-you-arrive-in-england

මගී ස්ථානගත කිරීමේ පෝරමය මෙමගින් ලබා ගත හැකිය. https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk

වැඩි විස්තර සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන්, ඔවුන්ගේ ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ +94117771979 අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැක. අපගේ වෙබ් අඩවිය www.srilankan.com වෙත පිවිසෙන්න.

 

Related posts

5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක්

Mohamed Dilsad

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

Mohamed Dilsad

Leave a Comment