දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දියක් ඉල්ලයි

(UTV | කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති ආර්ථික හානිය සඳහා මේ වනවිටත් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති, නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ නීතිපතිවරයා හරහා අදාළ වන්දි මුදල ඉල්ලා ඇති බවය.

නෞකාවෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ද වන්දි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.

Related posts

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

18 – 19 වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම ඔක්තෝබර් 21 සිට

Mohamed Dilsad

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment