දේශීය

සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන්ට සහනයක්

(UTV | කොළඹ) – කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේ.   

ඒ අනුව සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අයත් ගර්භණී නිලධාරිනියන් සඳහා අංක 02/2021(11) හා 2021.05.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධාන අදාළ කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වයි.

එසේ වුවද රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තමන්ගේ වෘත්තිමය වගකීම අවබෝධ කරගෙන ස්ව කැමැත්තෙන් තවදුරටත් සේවයේ යෙදීමට කැමැති ගර්භණී නිලධාරිනියන් වෙතොත් ඔවුන් අදාළ ආයතනය, රෝහල් තුළ කොවිඩ් -19 අවදානම නොමැති ස්ථානවල පමණක් සේවයේ යෙදීමේ අවස්ථාව පවතී.

Related posts

කලු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

මහ බැංකු අධිපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment