දේශීය

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

(UTV| කොළඹ) – කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.  

ඒ අනුව මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොණරාගල, නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලට එන්නත් මාත්‍රා 25,000 බැගිනුත් නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබා දීමට තීරණය කර ඇත.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ කොවිඩ් 19 උවදුර මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමඟ සුම්තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට අද (07) එක්වෙමිනි.

Related posts

ගෑස් පෝලිමත් අත ළගයි

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment