දේශීය

ගර්භණී කාන්තාවන්ට එන්නත්කරණය ඇරඹේ

(UTV | කොළඹ) – ගර්භණී කාන්තාවන් වෙනුවෙන් “සයිනොෆාම්” එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (09) උදෑසන ආරම්භ කර තිබේනවා.

ඒ වයස අවුරුදු 35 ඉක්මවූ විවිධ සංකූලතා සහිත ගැබිනි කාන්තාවන් 35 දෙනෙකු සඳහාය.

එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් එම එන්නත්කරණ වැඩසටහන ඉදිරීයේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.

කොවිඩ් වැලඳීම හේතුවෙන් ගැබිනි කාන්තාවන් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඒ අනුව නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිතය.

Related posts

රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව 1,156,000ක්

Editor O

ළිඳට වැටී ප්‍රදේශ දෙකකදී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

වතු සේවක, දිනක වැටුප රුපියල් 2000ක් කරනුු…..

Editor O

Leave a Comment