ක්‍රීඩා

නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

(UTV | නවසීලන්තය) – නවසීලන්ත නායක කේන් විලියම්සන්ට එංගලන්තය සමග හෙට (10) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.   

ඒ, ඔහුගේ අතක වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධය හේතුවෙන්.

අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් මෙම වසර මුලදී විලියම්සන්ට බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

ඔහු වෙනුවට හෙට තරගයේ දී ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ටොම් ලේතම් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙයයි.

Related posts

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘතිම ධාවන පථයක්

Mohamed Dilsad

අකිල පරීක්ෂණ සඳහා හෙට ඉන්දියා යයි

Mohamed Dilsad

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment