ප්‍රමුඛ පුවත 1

ගීතාගේ පුරප්පාඩුව පිරවීම මැතිවරණ කොමිසම අත්හිටුවයි

(උදයම්,කොළඹ)   –    අද (12) මැතිවරණ කොමිසම රැස්වී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී කොමිසමේ සාමාජිකයින් විවිධ අදහස් පළ කර ඇත.

ඒ අනුව අවසානයේ තීරණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පැමිණෙන තුරු ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය වෙනුවට කිසිවෙකුත් පත්නොකර සිටීමටය.

මීට පෙර මැතිවරණ කොමිසම එම මන්ත්‍රී ධුරය පිරවීම සදහා කටයුතු ආරම්භ කර තිබූ අතර, නිදහස් සන්ධානය මගින් ඒ සදහා හිටපු අමාත්‍ය පියසේන ගමගේ ගේ නම යෝජනා කර තිබුණි.

Related posts

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 දා අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

බන්ධනාගාර අධිකාරීවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම් – බන්ධනාගාර අමාත්‍යාංශය

Mohamed Dilsad

නිදහස් පක්ෂයට නව ධුර දෙකක්.

Mohamed Dilsad

Leave a Comment