ගොසිප්

ටෙලිෆෝනය පුපුරවමින් චම්පික කියූ දේ

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.  

සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, අද (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බවය.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබාදීමේ ක්‍රමන්ත්‍රණයක් සමගි ජනබලවේගය තුළ ක්‍රියාත්මක වූ බවට ජාතික පුවත්පතක් සහ සමාජ මාධ්‍ය හරහා ඊයේ වාර්තා වී තිබුණි.

“සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ නායක කරන්න ඕනේ කියන එක්සත් ජාතික පක්ෂ තීරණය කරලා තියෙන වෙලාවේ මමයි යෝජනා කරලා ඒ ලිපිය අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. අපි කිසිම කෙනෙක් ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපි විවේචනයක් තියෙනවා නම් කෙලින් කියනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එනවද නැද්ද කියලා මම දන්නේ නෑ. 2019 එතුමාට කතා කරාට පස්සේ මම එතුමාට කථා කරලා නෑ.”

Related posts

කැරොලයින් නිහඬතාවය බිඳ දමමින් කරළියට

Mohamed Dilsad

බූස්ස රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ගේ අලුත්ම මෙහෙයුම

Mohamed Dilsad

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

Mohamed Dilsad

Leave a Comment