දේශීය

විපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහලෙන් නික්මෙයි

(UTV| කොළඹ) – කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (11) රෝහලෙන් පිටව ගොස් ඇත.  

පසුගිය මස 23 වනදා ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු විය.

මොවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

සුවවීමෙන් අනතුරුව රෝහලෙන් නික්මුණු විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

Related posts

සමන් රත්නප්‍රිය ලබන 05 වැනිදා දිවුරුම් දෙයි

Mohamed Dilsad

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණෙයි

Mohamed Dilsad

පොලිස්පති උපකාරක මැදිරිය යළිත්

Mohamed Dilsad

Leave a Comment