ක්‍රීඩා

ඉන්දියාව ජූලි 4 තෙක් කොළඹ දී නිරෝධායනයට

(UTV | කොළඹ) – ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරග සදහා සහභාගී වීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.  

ඒ, තරගාවලියේ නිල කාලසටහන ද එළි දක්වමින්.

ඉන්දියාව මෙරට තරග සංචාරයක නිරත වන්නේ වසර 3කටත් වැඩි කාලයකට පසුවයි.

ඔවුන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණේ 2018 වසරේ මාර්තු මාසයේ පැවැති නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙනුයි.

ජූනි 28 වනදා දිවයිනට පැමිණෙන ඉන්දීය ක්‍රීඩකයින් ජූනි 29 වනදා සිට ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් කෙරෙනු ඇත.

අනතුරුව නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමිවන්නේ ජූලි 2-4 කාලයේ දී යි.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය සංවිධාන කරන අතර, සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන –

13th July 2021 : 1st ODI – RPICS, Colombo Day Night
16th July 2021 : 2nd ODI – RPICS, Colombo Day Night
18th July 2021 : 3rd ODI – RPICS, Colombo Day Night

21st July 2021 : 01st T20i – RPICS, Colombo Night
23rd July 2021 : 02nd T20i – RPICS, Colombo Night
25th July 2021 : 03rd T20i – RPICS, Colombo Night

Related posts

සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දැන් ලංකාවටත්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්

Mohamed Dilsad

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment