දේශීය

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට [වීඩියෝ]

(UTV | කොළඹ) – පසුගියදා X Press Pearl වෙළඳ නෞකාවේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් ක්‍ෂණික ප්‍රතිචාරය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා වෙත ඊයේ දින (11) ආරක්‍ෂක අමාත්‍යංශයේදි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සිය ප්‍රශංසාව පල කලේය.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා දෙරට අතර පවතින දීර්ඝ කාලීන අන්තර් සහයෝගීතාව පිළිබඳව ද සිහිපත් කළේය.

දෙරටේ ආරක්‍ෂක කරුණු සම්බන්ධ ව ඉන්දීය නියොජිත පිරිසක් සමඟ අද පැවති සාකච්ඡාවේදි ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පල කරන ලදී.

ඇතිවී තිබෙන වසංගත තත්වයන්ට මුහුණ සෙමින් දෙරට අතර දීර්ඝකාලීනව කරගෙන යනු ලබන හමුදා පුහුණු වැඩසටහන් ඉදිරියටත් සාර්ථක ව ක්‍රියාත්මක කිරිම කෙරෙහි ද එහිදි අවධානය යොමු විය.

ද්විපාර්ශික සහයෝගීතාවය සහ අන්‍යෙන්‍යව වැදගත් වන අංශ පිළීබඳව ද මෙම සැසිවාරයේදි සාකච්ඡා කෙරිණි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු පලක හුවමාරු කර ගැනීමද සාකච්ඡා අවසානයේ සිදු විය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), හමුදා සම්බන්ධතා නිළධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, අතිරේක ලේකම් (ආරක්‍ෂක) PBSC නෝනිස්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් විකාශ් ශූඩ් සහ අමාත්‍යාංශ නිළධාරින් ද එක්විය.

Related posts

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

පකිස්ථානයේ සිට ආ සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන 2 කට

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment