දේශීය

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

පොලීසිය පැවසුවේ, මේ වන විට සැකකාර නියෝජිතවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

සැකකරුගේ කාර්යාලය හා නිවස මේ වන විට පරීක්ෂා කර ඇති අතර ඔහු එම ස්ථානවල නොසිටි බව පොලීසිය පවසයි.

නෞකාවේ මෙරට නියෝජිතවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් මත ක්‍රියාකරන බව පොලීසිය පැවසී ය.

මේ අතර නෞකාව ගිනිගැනීමෙන් බලපෑමට ලක්ව මියගිය බවට සැකකරන කැස්බෑවන්ගේ ඩොල්ෆින් සත්ත්වයින්ගේ මරණ පරීක්ෂණ සිදුකල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලීසිය පැවසුවේ, අදාළ මරණ සම්බන්ධ ඉදිරි විමර්ශන රසායනාගාර වාර්තා නිකුත් වීමෙන් පසු සිදුකෙරෙන බවයි.

Related posts

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

Mohamed Dilsad

මේ වසරේ ගතවූ මාස දෙකහමාරට ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 2.3ක ණය අරගෙන

Editor O

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment