(UTV | කොළඹ) – M-VXPress Peal නෞකාව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය මායිම් රේඛාවලට ඇතුළු වූ විට විෂ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමේ හැකියාව පිළිබඳව මෙන්ම රසායනික බහාලුම් නෞකාවේ හිමිකරු මෙන්ම එහි කපිතාන්වරයා සහ අනෙකුත් අදාළ නිලධාරීන් හිතාමතාම නොසලකා හැර හෝ ශ්‍රී ලංකාවේ අදාළ අධිකාරියට දැනුම් දීමට අපොහොසත් වූ බවට පැහැදිලි සාක්ෂි ඇති බවට පරිසර යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානයේ (CFEJ) සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ සහ පරිසර විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සහ සමුද්‍ර ජීව විද්‍යාඥයින් අවධාරණය කරයි.
එමෙන්ම, M-VXPress Peal නෞකාවෙන් විෂ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජලයට කාන්දු වීම සනාථ වී තිබෙන බවත්, එමඟින් සිදුවිය හැකි පාරිසරික ව්‍යසනය සඳහා විශාල මූල්‍ය වන්දියක් ඉල්ලා නඩු පැවරීමට ඔවුන්ට සිදුවී තිබෙන බවට ද පරිසර යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානයේ (CFEJ) සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙයි. සමුද්‍රීය පරිසරයට හා නිරිතදිග වෙරළ තීරයට සිදුවන හානිය ඉතා කණගාටුදායක බවත් මෙම පාරිසරික ව්‍යසනය සමඟ කටයුතු කිරීමට රජයට නොහැකි බවත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
“මෙවැනි පාරිසරික හදිසි ව්‍යසන තත්ත්වයක් නිසා පරිසර පද්ධතියට අන්තරායකර ද්‍රව්‍ය මුදා හැරීමෙන් පෘථිවියට සැලකිය යුතු හානියක් සිදු වේ.” සහ “මෙය වෙරළබඩ ප්‍රදේශවල ජිවත්වන වැසියන්ගේ ජීවිත හා ජීවනෝපායන්ට ප්‍රබල තර්ජනයක් එල්ලවන බවට.” ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පසුගිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් මේ බවට පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම හා හානිය හා ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්නයන් තක්සේරු කිරීමට සහ අනාගතයේදී එවැනි ආපදාවන් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වෙමින් සිටින බව ද ඇය සඳහන් කළාය.
මූලාශ්‍රය: A24 News Agency