දේශීය

බස් සහ දුම්රිය අද සිට විධිමත්ව ධාවනයට

(UTV | කොළඹ) – අද සිට දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 35 ක් අත්‍යවශය රාජකාරි සඳහා සේවය පැමිණෙන මගී ජනතාව සඳහා යොදා ඇති බවයි.

එසේම, අද දිනයේදී කලාප සහ දිස්ත්‍රික්ක තුල අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන මගී ජනතාව සඳහා අවශ්‍යතාවය පරිදි බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද සඳහන් කළේ මගී අවශ්‍යතාවය පරිදි පළාත් තුල සීමිත බස් සංඛ්‍යාවක් අද සිට ධාවනයට එක් කිරීමට නියමිත බවයි.

Related posts

ශ්‍රී රංගා කළකට පසු කරළියට! පාපන්දු සම්මේලනයේ ලොකු පුටුවත් අල්ලයි

Mohamed Dilsad

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

Mohamed Dilsad

දිවයිනේ සියලු පෙර පාසල්වලටත් නිවාඩු [UPDATE]

Mohamed Dilsad

Leave a Comment