දේශීය

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඊයේ (ජූනි 28) දිනයේදී ගම්පහ රෝහලකට අයත් ගිලන්ර ථයකට සහ එහි රියැදුරුට පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු 65 හැවිරිදි කඩවත, පහළ දියන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මෙලෙස ගිලන් රථයට පහර දී ඇත්තේ බීමතින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු අද (ජූනි 29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

පොදු දේපළ විෂයෙහි කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ, විශේෂිත විදි විධාන පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද සැකකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජාතික පාසලක පන්ති කාමරයක සිටිය යුතු උපරිම සංඛ්‍යාව 45 ක්

Mohamed Dilsad

අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් රැසක් පරීක්ෂා නොකර රේගුවෙන් පිට කරලා – රේගු නිලධාරී සංගමය

Editor O

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment