ක්‍රීඩා

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඔවුන් 06/29 දින දහවල් 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , දින 14 ක අනිවාර්ය නීරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීමට , ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර දුන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

Related posts

FIFA අරමුදල් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට පියවර

Mohamed Dilsad

ජස්ප්‍රිත් බුම්රා නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment