දේශීය

ඩෙල්ටා ප්‍රභේදයට මුහුණදීම සදහා සියලු ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක ක්‍ෂේත්‍රයේ ආයතන සදහා ලබාදී ඇති සහන දෙසැම්බර් මාසයේ අවසානය දක්වා ක්‍රියාත්මක කෙරේ.

ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත. කොවිඩ් අර්බුදය හමුවේ සංචාරක ක්‍ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වාගෙන යාම සදහා ඒ සදහා පත්කළ කාර්ය සාධක බලකායක් මගින් ඉදිරිපත් කළ යෝජනාවලට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදී තිබින.

ඒ අනුව සේවකයන්ට නිවෙස්වල රැදි සිටිමට සිදුවන්නේ නම් අවසන්වරට ගෙවන ලද සම්පුර්ණ මාසික වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14 දහස් 500 ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීමට ක්‍රියා කෙරින. එම වැටුප සදහා සේවා යෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවකභාර අරමුදලට දායක මුදල් ගෙවීම යන සහන ක්‍රියාත්මක වෙයි.

ජපන් ආධාර යටතේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනින් රාජ්‍ය නිලධාරින්ට ශිෂ්‍යත්ව 180 ක් ලැබේ. ඊට අවශ්‍ය ලිපි ලේඛණ මුදල් අමාත්‍යංශය හුවමාරු කර ගන්නා බව ඇමතිවරයා පැවසීය. මෙම ශිෂ්‍යත්වවල වටිනාකම රුපියල් මිලියන 488 කි.

වැලිකඩ බන්ධනාගාරය හොරණට රැගෙනයාමට සැලසුම් කෙරේ. ඊට අයත් ඉඩම ඩී සී සී ආයතනය හා නාගරික සංවර්ධන අමාත්‍යංශය එක්ව මිශ්‍ර ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණයේදී චීන සේවකයන්ගේ නිල ඇඳුම පිළිබඳව හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදුකර තිබේ. එය ඔවුන්ගේ ආයතනයේ ඇඳුමක් වන අතර එය සාමාන්‍ය දෙයක් බව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇමතිවරයා පැවසීය.

නාලිකා කිහිපයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. මීට අමතරව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුරුවරුන් ඇතුඵ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබාදීමට ප්‍රමුඛතාවදී තිබේ. ඩෙල්ටා ප්‍රභේදයට මුහුණදීම සදහා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. සියයට 60 ත් 65 ත් අතර සංඛ්‍යාවකට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.

 

Related posts

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

විදුලි ජනන සැලසුම් වලදී සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක්

Mohamed Dilsad

22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට‍

Mohamed Dilsad

Leave a Comment