දේශීය

හුදකලා තත්ත්වය පිළිබඳ අලුත් නිවේදනයක්

(UTV | කොළඹ) – අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කර තිබේ.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

මොනරාගල දිස්ත්‍රික්කය
බිබිල පොලිස් බලප්‍රදේශයේ,
කනුල්වෙල

කෑගල්ල දිස්ත්‍රික්කය
වරකාපොළ පොලිස් බලප්‍රදේශයේ,
හල්ලව ග්‍රාම නිලධාරී වසමේ – නියදුරුපොළ අංක 1,2,3 සහ 4 යන වතු නිවාස

දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ,
කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්ද වත්ත කොටස
ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගම වත්ත

කළුතර දිස්ත්‍රික්කය
දොඩන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ,
ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූව වත්ත

ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,
පරණ කොළණිය ග්‍රාම නිලධාරී වසමේ දිවිතුරු වත්ත

අද උදෑසන සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කය
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ,
මිනේරිතැන්න සුනාමි ගම්මානය

ගම්පහ දිස්ත්‍රික්කය
මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ,
සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ උපුල් වසන්නත මාවත

මාතලේ දිස්ත්‍රික්කය
ලග්ගල පොලිස් බලප්‍රදේශයේ,
කිවුලවාඩිය

කෑගල්ල දිස්ත්‍රික්කය
දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ,
අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඩෙන්ස්වර්ත් වත්ත

 

 

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

Mohamed Dilsad

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment