දේශීය

රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

(UTV | කොළඹ) – සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

සෞදි අරාබියට අමතරව, මෙම තහනම ඉවත් කර ඇති සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල්.

අදාළ රටවල සිට පැමිණෙන අයට ජූලි 14 වනදා දක්වා දිවයිනට ඇතුළු වීම තහනම් කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගන්නා බැවින්, මෙම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීම සදහා පී.සී.ආර්. වාර්තාවක් තිබිය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙනවා.

Related posts

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක් [RELEASE]

Mohamed Dilsad

2026 වර්ෂයේ නිවාඩු දිනයන්

Editor O

Leave a Comment