දේශීය

මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ගැටළු ගැන අගමැතිගේ අවධානය

(UTV | කොළඹ)- කොවිඩ් 19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 262 ක් බව අනාවරණය වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති මුදල් අමාත්‍යාංශය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළි විය. අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල වර්තමාන තත්ත්වය හා පවතින ගැටළු නිරාකරණය කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය මෙහිදි යොමු විය.

අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරා යන මැයෙන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම භාණඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා ඉදිරිපත් කලේය. කොවිඩ් පළමු රැල්ලට සාර්ථකව මුහුණ දුන් රජය දෙවැනි රැල්ල පාලනය කල බව සඳහන් කල ආටිගල මහතා අප්‍රේල් මාසයේ පටන් ආරම්භ වු තුන්වන රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේය.

පසුගිය වසරේදි කොවිඩ් පාලනය වෙනුවෙන් රජය වෙන්කල මුදල රුපියල් බිලියන 117 කි. මේ වසරේ ගතවු කාලය සඳහා තවත් රුපියල් බිලියන 53ක් වැයකර තිබේ. ඊට අමතරව එන්නත්කරණය ඇතුළු අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92 ක් වැය කර ඇති බව ආටිගල මහතා පෙන්වා දුන්නේය. මෙම අසීරු කාලයේදී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන්විය. 2019 වසරේ නොපියවා තිබූ රුපියල් බිලියන 423 ක හිග බිල්පත් ගෙවා දමමින් රජය පිරිසිදු අයවැයක් ඉදිරිපත් කළේය. උද්ධමනය ද සියයට 4 සිට සියයට 6 දක්වා පවත්වාගෙන යාමට හැකිවිය. පසුගිය මැයි මාසයේදී උද්ධමනය සියයට 6.1ක් හෝ 6.2 දක්වා ඉහළ ගියද එය අඩුකර ගැනිමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටි.

විමධ්‍යගත අරමුදල යටතේ රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව එකොලොස්දහසකි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දිමනා පිරිනැමෙන ජනතාව වෙනුවෙන් රුපියල් පන්දහසේ දිමනාව මේ වන විට සිව්වරක් ප්‍රදානය කර ඇති බව ද මෙහිදි අනාවරණය විය. නිෂ්පාදන ගම්මාන 500 ක් ද ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.

Related posts

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

Mohamed Dilsad

පරණ මිලටම ඉන්ධන බෙදූ පිරවුම්හල

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment