දේශීය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම බෙයිජිං නුවර සිට ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා.

අදාළ එන්නත් මාත්‍රා තොගය අද (02) අලුයම 4.30ට චීනයේ බෙයිජිං සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

එම එන්නත් කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථ මඟින් ප්‍රවාහනය කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන සඳුදා දිනයේ දී මෙරටට ලැබීමට නියමිත බවය.

Related posts

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වේවි – වජිර අබේවර්ධන

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Mohamed Dilsad

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

Leave a Comment