විදෙස්

පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරට

(UTV | පිලිපීනය) – පිලිපීන ගුවන් හමුදාවේ යානයක් අද දහවල් එරට එරට ගුවන් තොටුපලකට ගොඩබාන අවස්ථාවේ අනතුරට ලක්වී ඇත. ඒ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ඇතුඵව 85 දෙනෙකු ගමන් කරමින් සිටි බව පිලිපීන හමුදා ප්‍රධානි ජනරාල් සිරිලිටෝ සොබිජානා මහතා පැවසීය.

යානයේ ගමන් කළ අයගෙන් 40 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හමුදාවට හැකිවී ඇතැයි හමුදා ප්‍රධානියා කියයි. කඳුකර ප්‍රදේශයක පිහිටි ගුවන් තොටුපලේ ධාවන පථයේ දී යානය ඉවතට පැන තිබේ. මියගිය 17 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

මේ අතර ජපානයේ අටාමි නගරයට බලපෑ දරුණු නාය යාම් තත්ත්වය නිසා 20 කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටිති.

Related posts

විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙන්

Mohamed Dilsad

කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාවේ සිටින ඇමරිකානුවන්ට එරටින් පිටවන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment