ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉන්දීය ක්‍රිකට් තරඟාවලිය ලබන 13 වැනිදා

(UTV | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර බීරස්ටල් හිදී ඊයේ පැවැති තුන්වන හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166 ක් රැස් කළේය. වර්ෂාව හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීමට නොහැකි විය.

කෙසේ වෙතත් මීට පෙර පැවැති තරග දෙකම ජය ගැනීම හේතුවෙන් එක්දින තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායම හිමි කරගෙන තිබේ. දෙරට අතර පන්දුවාර විස්සයි විස්සේ තරගාවලියේ ජයග්‍රහණය ද එංගලන්තය හිමි විය.

එංගලන්ත සංචාරය අවසන් කර දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක ඉන්දිීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියට පෙර ජෛව ආරක්‍ෂිත බුබුලක රැදි සිටීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වීිමට නියමිතයි. සියලු තරග කොළඹ ආර් ප්‍රේමාදස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙයි.

පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන 13 වැනිදා පැවැත්වෙයි.

Related posts

ඔලිම්පික් වෙනුවෙන් හැදූ ජපන් ක්‍රීඩාංගනයක පෙරහුරුවක්

Mohamed Dilsad

ලාරා මුරලි ගැන කියූ කතාව..

Mohamed Dilsad

කෝලි ඇතුළු ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නොඑන හේතුව

Mohamed Dilsad

Leave a Comment