දේශීය

පාකිස්තානයෙන් සැමවිටම ශ්‍රී ලංකාවට සහාය – මහ කොමසාරිස්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ මෑතදී ඇති වූ ගංවතුර, නායයෑම් සහ කොවිඩ් -19 වසංගතවලින් විපතට පත්වූවන්ට පාකිස්තාන රජය විසින් ලබා දෙන සහන ආධාරයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කට්ටක් මහතා අනුරාධපුරය, කිලිනොච්චිය සහ ඒ අරුගම්බේ යන ප්‍රදේශවල් වෙත ගොස් පීඩාවට පත් පවුල් අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරියේය.

වියළි ආහාර ද්‍රව්‍ය 2021 ජුනි 29 වන දින අනුරාධපුරයේ මිරිසවැටිය විහාරයේදී බෙදා හරින ලදී. මහ කොමසාරිස් කාර්යාලය හරහා දුප්පත් පවුල්වලට ආධාර කිරීමට පාකිස්තාන රජය දරන උත්සාහය ගැන ඊතාලවටුනවැව යානතිලක හිමි පැසසුමට ලක් කළේය.

කිලිනොච්චිය හි ඉරණෙයිමඩු ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවති උත්සවයේදී මහ කොමසාරිස්වරයා ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආහාර ද්‍රව්‍ය බෙදා දුන් අතර ආරක්ෂක හමුදා මූලස්ථානයේ (කිලිනොච්චි) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පරාක්‍රම රණසිංහ මහතා හමුවී සාකච්ජා කළේය.
මීට අමතරව, මහ කොමසාරිස්වරයා 2021 ජුනි 30 වන දින යාපනයට ගිය අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් හමුවී කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධ කරුණු සාකච්ඡා කළේය.

එසේම, 2021 ජූලි 1 වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ්ගේ ආරාධනයෙන් මහ කොමසාරිස්වරයා අරුගම්බේ ප්‍රදේශයට ගොස් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

රැස්වීම අමතමින් මහ කොමසාරිස්වරයා, එක්සත්කමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන් බහුතරය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සියලු ශ්‍රී ලාංකිකයන්ට පොදු බව පැවසීය. අවශ්‍ය විටෙක පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බවත්, මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එවැනි සහන සහ ආධාර දිගටම ලබා දෙන බවත් මහ කොමසාරිස්වරයා සහතික විය.

තවද, මහ කොමසාරිස්වරයා අරුගම්බේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය, පාසල් පොත් බෑග් සහ ක්‍රීඩා උපකරණ බෙදා හැරියේය.
කොළඹ
05 ජුලි 2021

Related posts

මෙරට ආසාදිතයන් 45,978 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.

Editor O

සරසවි විධායක නිලධාරී වර්ජනය අවසන්

Editor O

Leave a Comment