ගොසිප්

බැසිල්ට මොළ හතක් තියෙනවා?

(UTV | කොළඹ) – නව මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද(ජුලි 08) දිවුරුම් දුනි.

අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙයට පෙර මුදල් අමාත්‍යංශය පැවතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේය.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කරමින් “ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය” ලෙස අලුතින් අමාත්‍යංශයක් ගැසට් කරනු ලැබ ඇත.
(අදාළ ගැසට් නිවේදනය මෙතනින්)

එම ගැසට් නිවේදනයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියේ පිහිටා ආර්ථික වර්ධනය සහ සමාජීය ප්‍රගතිය වේගවත් කිරීම සඳහා අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම එහි විෂය පථය යටතට පත් කර තිබේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අඟහරුවාදා (ජුලි 06) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබිණි. ඒ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ඉඩ ලබා දීම සඳහාය.

ආණ්ඩුව ඉදිරියේ ඇති ආර්ථික අභියෝග ජය ගනිමින් සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට නම් බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

“බැසිල්ට මොළ හතක් තියෙනවා”, “මහින්ද දුටුගැමුණු රජු වගේ, බැසිල් කාවන්තිස්ස රජු වගේ”, “අපි කිසි කෙනෙකුට හිතන්නවත් බැරි කාරණා සාර්ථක කළ හැකි අපූර්ව හැකියාවක් සහිත පුද්ගලයෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ,”

ඉහත දැක්වෙන්නේ ඒ බව අවධාරණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයන් විසින් පසුගිය දිනවල ඔහු පිළිබඳ පළ කරන ලද අදහස්වලින් කිහිපයකි.

Related posts

රටේ කොවිඩ් අවදානම ගැන වෛද්‍යවරු හෙළිකරන දෙය

Mohamed Dilsad

ගල්කිස්සේ කොරෝනා ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ රට ගිය හේතුව නාමල් හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment