කලා

රුහුණු කතරගම වාර්ෂික ඇසල පෙරහර හෙට සිට

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය හෙට ඇරඹෙයි. ඒ සදහා සියලු කටයුතු සුදානම් බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියයි. කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසුගිය මැයි 27 වැනිදා ආරම්භ වු පෙරහර මංගල්‍යය ලබන 24 වැනිදා පැවැ්ත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වෙයි.

මංගල්‍යයේ සුවිශේෂි මහ පෙරහර ඇසල පුරපසලොස්වක පොහොය යෙදෙන ලබන 23 වැනිදා වීථීසංචාරය කරයි. ගිණි පැගීමේ උළෙල පැවැත්වෙන්නේ ලබන 20 වැනිදායි. සෞඛ්‍ය හේතු මත මෙවර පෙරහර මංගල්‍යය නැරඹීමේ අවස්ථාව ජනතාවට අහිමි වෙයි. පාද යාත්‍රා වන්දනා ගමනද මෙවර නොපැවැත්වෙයි.

පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණ අපහසුතාවට පත් නොවන්නැයි බස්නායක නිලමේවරයා ප්‍රමුඛ පෙරහර සංවිධායක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සල්මාන් සිය මස්සිනා සමඟ එකම චිත්‍රපටයක

Mohamed Dilsad

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

Mohamed Dilsad

Leave a Comment