දේශීය

මෙරට තවත් 315,121 කට ඊයේ කොවිඩ් මාත්‍රා

(UTV | කොළඹ) – මෙරට තවත් පුද්ගලයන් 03 ලක්ෂ 15 දහස් 121 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් එන්නත් මාත්‍රා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දෙලක්ෂ අසූ දහස් 11 ක් / එහි දෙවන මාත්‍රාව 27 දහස් 117 දෙනෙකුට සහ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 07 දහස් 993 දෙනෙකුට මේ ආකාරයෙන් එන්නන් ලබා දී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 40 ලක්ෂ 53 දහස් 819 දෙනෙකුටද / ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව එක් ලක්ෂ 57 දහස් 368 දෙනෙකුටද ලබාදී තිබෙනවා.

මෙරටදී මේ දක්වා ෆයිසර් එන්නත ලබා ගත් මුලූ සංඛ්‍යාව 39 දහස් 176ක්.

Related posts

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට

Mohamed Dilsad

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

Mohamed Dilsad

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අගමැති නිරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment