දේශීය

අල්ලස් නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු දෙදෙනා නිදහස්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ සිට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද නිදහස් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය. විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය අල්ලස් කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් යළි නඩු පැවරීමේ අයිතිය තබා ගනිමින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තුෂාරි ජයරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා යාම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද එම අල්ලස් මුදල් ලබාගත් බවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ද එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් මූලික විරෝධතාවක් මතුකරමින් තම සේවාදායකයන්ට එරෙහි චෝදනා පත්‍රයට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් මෙම චෝදනා පත්‍රය වලංගු චෝදනා පත්‍රයක් නොවන බවට තර්කයක් ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට විරෝධතාවයක් මතු කල නීතිඥවරු තම සේවාදායකයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.

Related posts

සුමාත්‍රාහි භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ [RELEASE]

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

Mohamed Dilsad

Leave a Comment