දේශීයව්‍යාපාරික

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නැත

(UTV | කොළඹ) – රට තුළ මාස 3 කට ප්‍රමාණවත් සීනි සංචිත පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ සීනි සඳහා පසුගිය බදු අඩු කිරීමත් සමග එම කාලයේදී ප්‍රමාණවත් පරිදි සීනි ආනයනය කර ඇති බවයි. පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නොමැත.

වෙලෙදපොළේ භාණ්ඩ හිගයක් පවතින බවට අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

බේකරි 3500ක් වැසේ – පාන් බනිස් කෑමත් අඩුවෙලා

Mohamed Dilsad

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment