දේශීය

පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්

(UTV | කොළඹ) – පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ සිදුකරන පීසීආර් පරීක්ෂාවක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ව ගාස්තුව රු 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපමරිම ව රු 2,000ක මුදලක් අය කළ හැකි බව ද ඇය කීවාය.

එයට අදාළ ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

Editor O

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

නිදහස් දිනය දා රැඳවුවන් 285 දෙනෙකුට රාජ්‍ය සමාව

Editor O

Leave a Comment