දේශීය

තුන්වන දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි

(UTV | කොළඹ) – මෙරට දිනක දී සිදු වූ වැඩි ම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ තවත් කොරෝනා මරණ 124ක් වාර්තා වීමත් සමඟ යි.

එලෙස සියය ඉක්මවා කොරෝනා මරණ වාර්තා වූයේ අඛණ්ඩ ව තුන් වන දිනට යි.

මේ අතර තවත් නව ආසාදිතයින් 2987ක් ඊයේ වාර්තා වුණා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණවලින් 95ක් ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් ද ඊයේ වාර්තා වූ අතර, සෙසු මරණ වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 30ත් 59 ත් අතර පුද්ගලයින්ගෙන්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,464ක් ලෙසින්.

තවත් ආසාදිතයින් 2987ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 342,079ක් වනවා.

Related posts

මංතීරු නීතිය හෙට සිට දැඩි වෙයි

Mohamed Dilsad

වැලිසර නාවික හමුදා සෙබලුන්ගේ PCR පරීක්ෂණ වාර්තා අද

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව පේනවා – වෛද්‍ය රමේෂ් පතිරණ

Editor O

Leave a Comment