දේශීය

පකිස්ථානයේ 75 වන නිදහස් දිනය ශ්‍රී ලංකාවේදී සමරනු ලබයි

(UTV | කොළඹ) – පාකිස්තාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලාංකික පකිස්ථානු ප්‍රජාව පාකිස්ථානයේ 75 වන නිදහස් දිනය “දියමන්ති ජුබිලිය” අද කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී සැමරුවාය.

කොළඹ පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කට්ටක් මහතා පාකිස්ථානයේ ජාතික කොඩිය එසවීමෙන් උත්සවය ආරම්භ කළේය.

දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබු බකර් ෆහාඩ් මහත්මිය පාකිස්ථානයේ ජනාධිපති ගරු ආචාර්ය අරිෆ් අල්විගේ පණිවිඩය කියවීය. එහි “පකිස්ථානු ජාතිකයන් ඥානවන්ත හා ධෛර්ය සම්පන්න ජනතාවකි. මේ අනුව, ඔවුන් විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් අතිමහත් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර වෙනත් රටවලට වඩා සුවිශේෂී ය. පාකිස්ථානය ත්‍රස්තවාදයට එරෙහිව දිගු කලක් සටන් කර ජයග්‍රහණය කර ඇති බව ලෝකය අගය කළ යුතුයි. එසේම පාකිස්තානයේ න්‍යෂ්ටික ආරක්‍ෂාව වර්ධනය කිරීම රටේ ආරක්‍ෂාව සහතික කිරීමේ විශාල ජයග්‍රහණයකි” යයි සදහන් විය.

පකිස්ථානු අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩය වාණිජ ලේකම් අස්මා කමල් මහත්මිය විසින් කියවන ලදී. එම පණිවුඩයේ : “නිදහස් දින අපි අපේ ජාතික කොඩිය එසවීමේදී, කාඉද් ඊ අසාම් මුහම්මද් අලි ජින්නා විසින් නිර්මාණය කිරීමට සිහින දැකු සමගිය, විශ්වාසය සහ සදාචාරය මත ගොඩනැඟුණු ජාතියක් බවට වූ දැඩි අධිෂ්ඨානය සිහිපත් කළ යුතුයි. අපේ ඉතිහාසය දෙස බැලීමේදී අපි මහත් අභියෝගයන්ට මුහුණ දී එක්සත්, සාමකාමී ජාතියක් නිර්මාණ කිරීමට සාර්ථක වී ඇත්තෙමු. මේ වන විටත් වෙනස් වන කලාපීය තත්වයන් සහ සමහර දේශීය ගැටලු අපගේ අධිෂ්ඨානය පරීක්‍ෂා කරමින් සිටී. නමුත්, සෑම විටම මෙන්, අපි අපගේ සුවිශේෂීතාවයෙන් මෙම අභියෝගයන් ජයගෙන යහපත් ජාතියක් ලෙස ශක්තිය ලබා ගනිමු. ” යයි සදහන් විය.

පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා උත්සවය අමතමින්, පාකිස්තානයේ සිහිනය සාක්‍ෂාත් කර ගැනීම සඳහා අසීමිත කැපකිරීම් කළ, අපේ අනාගතය වෙනුවෙන් ජීවිත පූජා කළ ජාතියේ මුතුන් මිත්තන් සිහිපත් කළේය. සර්වබලධාරි අල්ලාහ්ට ස්තූති කිරීමේ දිනය වන අගෝස්තු 14 අද ජාතියේ උත්තරීතර අරමුණ වන සමගිය, විශ්වාසය සහ සදාචාරය රැක ගැනීම සඳහා වූ අපගේ කැපවීම අලුත් කරන ප්‍රීතිමත් දිනයක් බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සබඳතා පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, පාකිස්තානය අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සමීප සහයෝගීතාව පදනම් කරගෙන ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවත් පැවසුවේය.

මෙම අවස්ථාවට පකිස්ථානු ප්‍රජා සාමාජිකයින්, මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් සහ පවුල්, ප්‍රාදේශීය සම්භාවනීයයින්, මාධ්‍යවේදීන් සහ පාකිස්තානයේ හිතවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

කොළඹ: 2021 අගෝස්තු 14

Related posts

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කරයි [RELEASE]

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්

Editor O

ගොඩනැගිල්ලක අභිරහස් මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment