දේශීය

දුම්රිය සේවකයින් 360කට කොවිඩ්: තිදෙනෙකු මිය යයි

(UTV | කොළඹ) – අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ 360 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.

කොරෝනා ආසාදනය වූ දුම්රිය සේවකයින් 03 දෙනෙකු මියගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ස්ථාන 10 ක් තාවකාලිකව වසා දමා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ, ඒ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 05 ක් වන බවය.

 

No description available.

No description available.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු වෙබ් අඩවියට එරෙහිව අධිකරණ ඇමතිගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment