කලා

Covid රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡා සේවය සදහා මා සූදානම් – ඕෂධී

ඕෂධී හේවාමද්දුම කියන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා හඳුනාගත් ශිල්පිනියක්. ඒ වගේම ඇය රූ රැජින කිරුළු දිනූ රූමතියක්. ඇය මහින්දාගමනය, ජූලි හතයි, අංජලිකා ඇතුළු චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී තිබෙනවා. එමෙන්ම ඇය වර්තමානයේදී දේශපාලඥවරියක් ලෙසද මහජන සේවයට කැප වී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ඕෂධී කලාකරුවන්ගේ පාර්ශවයෙන් විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ වගේම ඕෂධී පසුගිය මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළා. මහ මැතිවරණයේදී ඇය කාගේත් කතාබහට ලක්වුණේ “බදුල්ලට එන හිතවතී – ඇය සෙනෙහෙබර ඕෂධී” කියන පාඨය නිසා. කෙසේවෙතත් ඇය ඡන්දයෙන් පරාජයට පත් වුණා. නමුත් විටින් විට ඕෂධී මහජන සේවයට කැපවුණු අවස්ථා සිය ෆේස්බුක් පිටුවෙන් මෙන්ම මාධ්‍ය තුළින්ද දකින්න ලැබුණා.

මේ වෙද්දි කෝවිඩ් වසංගත තත්ත්වය රටම ආක්‍රමණය කර තිබෙනවානේ. ඉතින් මේ තත්ත්වය හමුවේ ඕෂධී ස්වේච්ඡාවෙන්ම සෞඛ්‍ය සේවයට පැමිණීමට සූදානම් බව පවසා තිබෙනවා. ඇයගේ නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් යොදා ඇය පවසා සිටියේ “සෞඛ්‍ය සේවකයින් ගේ හි‍ගයක් ඇති වුවහොත්, Covid රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡා සේවය සදහා මා සූදානම්.. ඔබ?”යනුවෙන්.

මේ සටහනත් සමග ඇයගේ රසික රසිකාවියන් මෙන්ම ඡන්ද දායකයන්ද ඇය ගැන පැහැදීමෙන් සිටින බවයි අපට දැනගන්නට ලැබුණේ.

Related posts

ආක්ෂේගේ “බෙල් බොටම්” ලබන මස සිට

Mohamed Dilsad

Wall-E සැබෑ ලෝකයට ?

Mohamed Dilsad

කරිනාට නෙගටිව්

Mohamed Dilsad

Leave a Comment