කලා

දමිළ නළු ප්‍රකාශ්ට හදිස්සි අනතුරක් නිසා සැත්කමක් කරයි

(UTV | ඉන්දියාව) – අති දක්ෂ නළුවෙක් ලෙස පිළිගැණෙන ප්‍රකාශ් රාජ්ට මීට දින කිහිපයකට පෙර සැත්කමක් සිදු කර තිබෙන බව වාර්තා වෙයි. චෙන්නායිහි කෝව්ලම් පාරේ පිහිටි සිය නිවස තුළ ඇද වැටිම හේතුවෙන් අස්ථි බිඳිමක් ලක්වූ ඔහුට මෙම සුළු සැත්කම් සිදු කර තිබෙන බව දැන ගැනීමට ලැබේ.

සැත්කම සඳහා හයිද්‍රබාද් නගරයට ගොස් සිටි ප්‍රකාශ් රාජ් ඔහුගේ මිතුරෙකු වූ වෛද්‍ය ගුරුවාරෙඩි ලවා මෙම සැත්කම් සිදු කරගෙන ඇත. ඔහු හයිද්‍රබාද් රෝහලේ සිට ගන්න ඡායාරූපයක් මේ වනවිට සිය ටිවිටර් ගිණුමට එකතු කර තිබෙන අතර, ඊට කෙටි සටහනක් තබා තිබුණේ කුඩා වැටිමක්, කුඩා අස්ථි බිඳිමක් සියල්ල හොඳින් යන්නය.

Related posts

සනුකගේ නවතම ගීතය ‘චාඕ මල්ලි’

Mohamed Dilsad

වික්‍රම් පිය පුතු යුගල ලඟදීම අලුත් වැඩක

Mohamed Dilsad

රුහුණු කතරගම වාර්ෂික ඇසල පෙරහර හෙට සිට

Mohamed Dilsad

Leave a Comment