දේශීය

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් අද (අගෝස්තු 25) විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

Related posts

කොළඹ නගරයේ ජනතාවට දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

අධ්‍යාපන කටයුතු කාර්ය සාධක බලකායට නව සාමාජිකයන් තිදෙනෙක්

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බස් රථවලට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment