දේශීය

බස් හිමියන්ට ලබන සතියේ ලැබෙන සහනය

(UTV | කොළඹ) – පෞද්ගලික බස් හිමියන් සඳහා ටයර්, බැටරි සහ ඔයිල් මිලදී ගැනීමේදී සහනදායී වට්ටමක් හිමිවන වව්චර් පත්‍රයක් පිරිනැමීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

අන්තර් පළාත් බස් රථ 3200 ඇතුළු පෞද්ගලික බස් රථ 18,000 සඳහාම මෙම සහනය ලබා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රථමයෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන් සඳහා මෙම වව්චර් පිරිනැමීමටත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පළාත් බස් හිමියන් සඳහා එම වව්චර් පිරිනැමීමටත් පියවර ගන්නා බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසීය.

මේ වන විට වෙළද ආයතන හා සමාගම් කිහිපයක් සමගින් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් සමාගම් කිහිපයක් මීට කැමැත්ත හා එකඟත්වය පළකර තිබෙන බවත් ලබන සතියේ සිට මෙම සහන වව්චර් ප්‍රදානය කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම කීවේය.

Related posts

සති අන්තයේ විදුලි කප්පාදුව සීමා කෙරේ

Mohamed Dilsad

පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙකු රැගෙන ඒමට අද සිට අවසර

Mohamed Dilsad

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment