දේශීය

සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුල ජනතාවගේ හැසිරීමට යුද හමුදාපතිවරයාගේ ඇගයීමට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ජනතාවගේ හැසිරිීම සතුටුදායක බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් ඔහු ජනතාවට සිය කෘතඥතාව පළ කරයි. ඊයේ වනවිට මෙරට වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් සියයට 55 කට දෙවන මාත්‍රාව එන්නත් කර තිබිණි.

එය සැබවින්ම වැදගත් සන්ධිස්ථානයක් ලෙස යුද හමුදාපතිවරයා හඳුන්වයි. වයස අවුරුදු 60 වැඩි වැඩිහිටි ජනගහනය එන්නත් කිරීම සදහා යුද හමුදාව මේ වනවිට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව වැඩිහිටි ජනගහනය එන්නත් කිරීම සදහා විශේෂයෙන් වෙන් කෙරිණි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ප්‍රංශය ට ගිහින් ආපසු නොපැමිණි පොලිස් නිලධාරියා ට වුණු දේ

Mohamed Dilsad

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment