දේශීය

අමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් පරිත්‍යාගකර තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ අදාළ එන්නත් තොගය පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂක කිරීමේ අරමුණින් එම පරිත්‍යාගය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ඩි ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කළාය.

මීට පෙර අමෙරිකාව විසින් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5ක් ද පරිත්‍යාගකර තිබුණි.

Related posts

වේයන්ගොඩ නිධානය සොයා තෙවෙනි දිනටත් කැණීම්

Editor O

පොලිස් වෙඩිතැබීමක්

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නිකුත්කළ වරෙන්තුව අත්හිටුවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment