දේශීය

තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් වෙළෙඳාම්කරන ස්ථාන සොයා වැටලීම්

(UTV | කොළඹ) – තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි දකුණු පළාත් ආහාර හා ඖෂධ පරික්ෂක කේ. එච්. ජයරත්න මහතා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙම වැටලීම් ආරම්භකළ බවය.

ඒ අනුව ඊයේ (28) සිදුකළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගත් බව ඔහු පැවසුවේය.

“ලංකාව පුරා තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවිවෙමින් පවතින බවට විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් දකුණු පළාතේ දිස්ත්‍රික් සෞඛය සේවා අධිකාරියටත් මහජන පැමිණිලි දිනපතා විශාල වශයෙනේ ලැබෙමින් පවතිවා. එම නිසා මුල්වරට තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් සොයා බැලීමේ ව්‍යාපාරය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. ගාල්ල, කරාපිටිය, බද්දේගම, අම්බලංගොඩ වැනි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර අශ්‍රිතව අරම්භ කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සහාය මේ සඳහා ලබා ගත්තා. ඖෂධශාලා 42කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කළා. තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී නීතිමය කටයුතු කරනවා.”

Related posts

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

Mohamed Dilsad

මලික් සමරවික්‍රම ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment