ගොසිප්

පහන්තුඩාව වීඩියෝ පටය ගැන පොලිස් පරීක්ෂණයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි

කාන්තාවක විසින් මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයට යොමු කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයකු සඳහන් කළේය.

දම්සක් පදනම  කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කළ බව ද එම නිලධාරියා පැවසීය.

මේ වන විට එම ස්ථානය හඳුනා ගනිමින් අදාල වීඩියෝ පටය සමාජගත කිරීම පිළිබඳව කරුණු විමර්ශනය කරමින් සිටින බවද බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය විය.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය සිදුවූ හැටි

Mohamed Dilsad

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට

Mohamed Dilsad

වඳ සැත්කම් ගැන රට ගිනි තියපු බොරුවට මොකද්ද වුනේ?

Mohamed Dilsad

Leave a Comment