දේශීය

පළාත් කිහිපයකට අදත් තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (04) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Related posts

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

Editor O

Leave a Comment