ක්‍රීඩා

ද. අප්‍රිකාව – ශ්‍රී ලංකාව : තීරණාත්මක දෙවන තරගය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(04) පැවැත්වේ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 14 කින් ජය ගත්තේය .

ඒ අනුව, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පෙරමුණේ පසුවෙයි.

තරගාවලි⁣යේ තවදුරටත් රැඳී සිටීමටනම් දකුණු අප්‍රිකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවෙයි.

තරගය අද (04) සවස 2.30ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය.

Related posts

චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත්ට නව තනතුරක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

Mohamed Dilsad

Leave a Comment