ක්‍රීඩා

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 3 වන මෙන්ම අවසාන එක්දින තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙනවා.

මේ වනවිට කණ්ඩායම් 2 ම තරග 1 බැගින් ජයගෙන ඇති අතර, තරගාවලිය ජයග්‍රහණය කරන්නේ අද ජය ගන්නා කණ්ඩායම යි.

අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව 05 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේ යි.

එමෙන්ම, මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජු ව සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකට ම වැදගත් වනු ඇති.

Related posts

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

Mohamed Dilsad

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

Leave a Comment