දේශීය

නීතිවිරෝධීව ගෙන ආ ඔක්සිමීටර් තොගයක්

(UTV | කොළඹ) – නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට භාණ්ඩ නිෂ්කාසන අංශයේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇත.

පසුව රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පිටවීමේ දොරටුවේ දී මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත්ය.

ඒ අනුව අදාළ භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි 21ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක තොගයක් සොයා ගෙන තිබේ.

මෙම ඔක්සිමීටර් තොගයේ වටිනාකම රු. 2,344,642කි.

සැකකරු ඊයේ (07) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු 19 දක්වා දීර්ඝ කෙරේ[LETTER]

Mohamed Dilsad

කොවිඩ් වලින් මියයන අය භූමදානය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment