දේශීය

කොවිඩ් සහ ගුරු වැඩ වර්ජන හේතුවෙන් සිසුන් අපහසුතාවයට

(UTV | කොළඹ) – ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇනහිටීම හේතුවෙන් රටට සෘණාත්මක ප්‍රතිවිපාක අත් විය හැකි බවට විශේෂඥයින් මත පළ කරන බවට විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

වැටුප් විෂමතා විසදන ලෙස ඉල්ලමින් ගුරු සංගම් වැඩ වර්ජනයක නිරතව සිටින අතර වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දමා තැබීමට සිදුවී තිබෙනවා.

ගුරුවරුන් මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත් වීම නිසා ගැටළුව උග්‍ර අතට පත් වි ඇත.

2020 දී ප්‍රථම වරට පාසලට ඇතුළත් වීමට සිටි දරුවන් හට මේ වන තුරු ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කිරීමට නොහැකි වී ඇති අතර 2020 මුල් භාගයේදී වසා දැමූ පාසල් නැවත විවෘත කරන තවමත් තීරණය කළ නොහැක.

ඉහල ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපනයට ද බාධා ඇති වූ අතර එමඟින් දරුවන්ගේ පෞරුෂ වර්‍ධනයට මෙන්ම අනාගත අධ්‍යාපන කටයුතු වලටද අහිතකර ප්‍රතිඑල අත් කර දිය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Mohamed Dilsad

IMF හදිසි ආධාර වැඩිකරයි

Mohamed Dilsad

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 45000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment