දේශීය

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

(UTV | කොළඹ) – ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් ව ගිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ ඉතාලියේ බොලොඤ්ඤා වෙත ළඟා වුණා.

අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතයි.

හෙට ඉතාලියේ බොලොඤ්ඤාහි දී ආරම්භ වෙන එම සමුළු‍ව තෙදිනක් පුරා පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු‍ දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඉතාලිය බලා පිටත් ව ගියේ ඊයේ අලු‍යම යි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ඉතාලි සංචාරය අතරතුර දී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

Related posts

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

Editor O

සහල් පෝලිම අත ළඟ ද…? ඇතැම්, සහල් තොග ප්‍රමාණවත් නොවැම්බර් මාසයට පමණයි. ආණ්ඩුව කඩිමුඩියේ, සහල් ආනයනකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි.

Editor O

Leave a Comment