දේශීයව්‍යාපාරික

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

(UTV | කොළඹ) – විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව නියමිත සෞඛ්‍යාරක්ෂිත උපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමයට අනුව සංචාරයේ යෙදෙන විදේශීය සංචාරකයින් සඳහා පමණක් සංචාරක හෝටල්වලට නිකුත් කර තිබෙන විශේෂ සුරාබදු බලපත්‍ර වර්ග පමණක් ක්‍රියාත්මක කිරීමේ අවසරය හිමිවන බවයි.

එම හෝටල්වල නවාතැන් ගන්නා විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංචාරක හෝටල්වල සුරාබදු ර.බි. 07, ර.බි. 08 සහ බුටික් විලා නමැති හෝටල් වර්ග සඳහා මෙම අවසරය ලබා දී ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.

නිරෝධායන කාලසීමාව තුළ ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමය අනුගමනය කරනු ලබන පළමු වන සහ දෙවන මට්ටමේ හෝටල් සඳහා විශේෂයෙන් මෙම ක්‍රමය ඇතුළත් ය.

නියමිත නිරෝධායන කාල සීමොවෙන් පසුව එම විදේශීය සංචාරකයින්ට සෙසු සංචාරක හෝටල් සඳහා ද පිවිසීමේ අවසරය ද හිමි වේ.

Related posts

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස් ට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

Mohamed Dilsad

Leave a Comment