දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) දිනයේ සිට විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල මෙලෙස විවෘතව පවතී.

කෙසේවෙතත් මෙම ප්‍රාදේශීය කාර්යාල විවෘතව කර තිබෙන්නේ උදෑසන 09 සිට දහවල් 01 දක්වා පමණක් බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය සේවාලාභීන් පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙසට ඔවුන් දන්වා තිබේ.

එමෙන්ම මාතර ප්‍රාදේශීය කාර්යාලය 041 5 41 2212 සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය 081 562 4509 යන දුරකථන අංක ඔස්සේ ද සම්බන්ධ කරගත හැකිය.

මීට අමතරව වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය 025 567 6344 සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය 037 555 0562 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

මේ අතර බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් දැනට පවත්වාගෙන යන එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදුකරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දඹුල්ලේ සහ නෙළුවේ සැකකටයුතු මරණ 2ක්

Mohamed Dilsad

Leave a Comment