දේශීය

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මේ අතර ආර්ථිකය අඛණ්ඩව ස්ථායිතාව කරා යොමු කරන බවට අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහතික වනවා.

සියලු පාර්ශව සමග නුදුරේදීම සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඔහු නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

සියලුම පාර්ශවකරුවන්ට අනුගමනය කල හැකි කෙටි කාලීන පෙර දැක්මක ස්වරූපයේ ප්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මණින් ප්‍රකාශයට පත් කරන බවද නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

Related posts

අධිවේගි මාර්ගයේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගය

Editor O

කොරෝනාව සම්බන්ධයෙන් රනිල්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment